සිංහලයේ අවසන් අග නගරය වු ලක්දිව කන්ද උඩරට මහනුවර හන්තාන, බහිරවකන්ද වැනි කඳු පාමුල පිහිටි ස්වභාව සෞන්දර්යයේ කදිම නිර්මාණයකි. ඉපැරණි රජ මාලිගා සංකීර්ණය ආසන්නයේ ඇති උඩවත්ත කැලේ සුන්දර වන පියසෙකි. පේරාදෙණිය පාලම පසු කළ විට නෙත ගැටෙන පේරාදෙණිය උද්භිද උද්යා්නය මනහර සුවඳ මලින් නන් විසිතුරු තුරු වදුලින් ගහණය. එය දෙස් විදෙස් නරඹන්න්ගේ නෙත් සිත් පිනවන මනෝඥ වු මල් උයනකි. නගරය වට කොට ගලා බසින මහවැලි නදිය හා නගරය මධ්ය්යේහි ඇති කිරි සයුර නම් වු නුවර වැව නගරයේ ස්වාභාවික විචිතරට ත්වය වඩාත් අසිරිමත් කරවයි.
පැරණියේදී සෙංඛණ්ඩ ශෛලාභිධාන ශීරැුක වර්ධනපුරය වශයෙන් හැඳින්වු මෙම නගරය පසු කලෙක කන්ද උඩරට මහනුවර වශයෙන් පරෙංඛකට විය. මුහුදු මට්ටමින් මීටර් 488.6 ක පමණ උසින් පිහිටියේය. කොළඹ සිට කි.මී. 119 ක් පමණ දුරය. සෞම්යන දේශගුණයෙන් හා රමණීය පරිසරයකින් හෙබි මෙම නගරය කෘෂිකාර්මික ජීවිතයට අවශ්යී ජලයෙන් ද ස්වභාවික රැුකවරණයෙන්ද යුක්තය.
සෙංකඩගලපුරය මුලින්ම ගම්පළ රජ කළ තුන්වෙනි විකරපරයමබාහු (කිර ්ැ.ව.1357-1374* රජු විසින් පිහටවුවායැයි කියැවෙන අතර, එය රාජධානියක් වශයෙන් පරයීතිෂ්ඨාපනය කරනු ලැබුවේ පළමුවෙනි විමලධර්මසුරිය (ක්‍රි.ව. 1592-1604) රජතුමා විසිනි. ශ්‍රි චික්රම රාජසිංහ (කිරබ13.ව.1798 - 1815) රාජ සමයෙහි මහනුවර රාජධානියේ අවසානය උදා විය.
මහනුවර නගරයේ පුජනීයත්වය ශීරල්ත විභුතිය හා ඓතිහාසිකත්වය මුළු ලොවටම කියාපාන අතිපුජනීය ශීරදු දංෂ්ටරාෙගල ධාතු මන්දිරය, මල්වතු අස්ගිරි උභය මහා විහාරය, නාථ, විෂ්ණු, කතරගම, පත්තිනි යන සිව්මහා දේවාල, රාජ මාලිගා සංකීර්ණය වැනි ස්මාරක මුල්කොට ලෝක උරුම නගරයක් බවට පත්විය. මහනුවර නගරය අවට ඇති අනෙකුත් ඓතිහාසික ස්මාරක අතර, ලංකාතිලකය, ගඩලාදෙණිය, ගංගාරාමය, සුදුහුම්පොල, දෙගල්දොරුව හා කුණ්ඩසාලේ යන විහාරයන් මුල්තැන් ගනී. උඩරටටම ආවේණික වු වාස්තු විද්‍යාත්මක ලක්ෂණ වලින් අනුන වු ඉපැරණි ගොඩනැගිලි, විසිතුරු කැටයම්, සිතුවම්, නර්තනාදී කලා ශිල්ප මෙම නගරයේ සංස්කෘතික මහාර්ඝත්වය ලොවටම කියා පාන්නේය.
1 comment:
සෙංකඩගල ප්‍රදේශයේ පාලනය ගෙනගිය සේනාසම්මත වික්‍රමබාහු රජතුමාවත් අමතක කරන්න හොඳ නැහැ
Post a Comment