නමේ මුලාරම්බය
ඓතිහාසික ලේඛනයන්ට අනුව මහනුවර මුල්වරට ගොඩ නගා ඇත්තේ වික්‍රමබාහු රජු විසිනි (1357–1374). ඔහු මෙය වර්තමාන නගරයට උතුරින් පිහිටි වටපුළුව ප්‍රදේශයේ ගොඩනගා එයට 'සෙංකඩගලපුර' යන නම දී ඇත. සෙංකඩගලපුර නම ලැබීමට නිශ්චිත හේතුවක් දැනට සොයා ගෙන නැති අතර, ඉතිහාසඥයන් පවසන්නේ නගරය ආසන්නයේ ගුහාවක වැඩ වාසය කළ 'සෙංකන්ඩ' නැමැති තාපසයෙකුගේ නමින් මෙය නම් කරන්නට ඇති බව යි. මෙය රජුගේ 'සෙංකන්ඩ' නමැති බිසවක මුල් කරගෙන හෝ සෙංකඩගල නම් වර්ණිත පාෂාණයක් මුල් කරගෙන නම් කරන්නට ඇති බව අනෙක් මතය යි. [6]. පසුව ලංකාවේ අගනුවර වූ බැවින් වත්මන් නම වන මහනුවර හෙවත් කෙටියෙන් නුවර යන නාමය භාවිතයට පත්ව ඇත. "කැන්ඩි" යන ඉංග්‍රීසි නාමය කන්ද උඩ රට යන සිංහල නාමයෙන් විකාශනය වුවක් බව වඩාත් පිළිගත් මතයය්. පෘතුගීසින් කන්ද උඩරට කෙටියෙන් "කන්ඩියා (Candea)" නමින් හඳුන්වා ඇති අතර පසුව එය "කැන්ඩි (Kandy)" යන වත්මන් නමට පරිවර්තනය වී ඇත.
මහනුවර රාජධානිය
1592 වර්ෂයේ දී මහනුවර ශ්‍රී ලංකාවේ අවසාන ස්වාධීන රාජධානියෙහි අග නගරය බවට පත් විය. 16, 17, 18 යන ශත වර්ෂවල දී ඇති වූ පෘතුගීසි, ලන්දේසි ආක්‍රමණ ද අවසාන ලෙස බ්‍රිතාන්‍යය ආක්‍රමණයන් ද සාර්ථකව මැඩපවත්වන ලදී. මහනුවර 19 වන ශත වර්ෂය තෙක් ස්වාධීන රාජ්‍යයක් ලෙස පැවතිනි. ඉන් පසු බ්‍රිතාන්‍යයන් සමඟ ඇති වූ දෙවන මහනුවර සංග්‍රාමයේ දී බ්‍රිතාන්‍යයන් 1815 පෙබරවාරි මස 15 වන දින නගරය වෙත ළඟාවෙන ලදි. 1815 මාර්තු 2 වන දින 'උඩරට ගිවිසුම' මගින් මහනුවර ඇතුලු සමස්ථ දිවයින ම බ්‍රිතාන්‍යයන්ගේ යටත් විජිතයක් බවට පත් විය.එසේ වීමට හේතුව වුයේ උඩරට රදළ වරුන්ගේ ක්‍රියා කලාපයයි. ඔවුන් එකල රජ කල ශ්‍රී වික්‍රම රාජසිංහ රජු මරා රජ වීමට උස්සහ කලහ. මෙම කත් එදිල්ලේ ප්‍රතිඵලයක් ලෙස උඩරට යටත් විය. [7] ඉන්පසු බ්‍රිතාන්‍යයන්ට විරුද්ධව 1818 දී සහ 1848 කැරලි ක්‍රියාත්මක විය. ඉන් පසු පාලනයේ ප්‍රතිසංස්කරන ගනනාවකට පසු Dominion තත්ත්වය යටතේ 1948 පෙබරවාරි 4 දින මහනුවර ඇතුලු ශ්‍රී ලංකාව නැවතත් ස්වධීන රාජ්‍යයයක් බවට පත් විය
පුරාණේ භාවිතා කළ නාමය
ශ්‍රී සෙංඛණ්ඩ ශෛලාභිධාන ශ්‍රී වර්ධනපුර
මහනුවර වැඩවසමින් රාජ්‍යය විචාළ රජවරු
[!] සේනාසම්මත වික්‍රමභාහු (මහනුවර පලමු වරට පාලන මදයස්තානය වශයෙන් තොරාගත් රජු)
[!] දොන් ෆිලිප් රජ (යමසිංහ බංඩාර කුමරු - කරලියැද්දේ බංඩාර රජගේ ඥාති පුත්) පෘතුගීසි සහාය ඇතුව රජවීම
[!] කොනප්පු බංඩාර රජ(Don João da Austria) දොන් ෆිලිප් රජ මරණයෙන්/ඝාතනයෙන් පෘතුගීසි සහාය නොමැතිව රජවීම
[!] දෝන කැතරිනා රැජින (කරලියැද්දේ බංඩාර රජගේ දියණිය පෘතුගීසි සහාය ඇතුව නාමිකව රජවීම)
[!] I වන විමලධර්මසූරිය රජ: 1591-1604
[!] සෙනරත් රජ (සේනාරත්න): 1604-1635
[!] රාජසිංහ 2: 1629-1687
[!] විමලධර්මසූරිය 2: 1687-1707
[!] ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු: 1707-1739
[!] විජය රාජසිංහ: 1729-1747
[!] කීර්ති ශ්‍රී රාජසිංහ: 1747-1782
[!] රාජාධි රාජසිංහ: 1782-1798
[!] ශ්‍රී වික්‍රම රාජසිංහ: 1798-181
මහනුවර නගරය
මහනුවර නගරය සෙංකඩගල නගරය ලංකාවේ දෙවන විශාලම නගරයයි. වර්තමානයේ ශ්රී දළදා මාලිගාව පිහිටා ඇත්තේ මෙහිය. මෙය කඳුවලින් වටවී ඇති මහනුවර සානුවෙහි පිහිටා ඇත. මහනුවර නගරය ශ්රීග ලංකාවේ නගර අතරින් ඉතාමත් විචිත්රව වූ නගර වලින් එකකි. මෙය මහනුවර, මාතලේ, නුවරඑළිය යන දිස්ත්රිවක්ක වලින් සැදුම් ලත් මධ්ය ම පළාතේ අගනගරයයි. මෙය යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙස නම් කර ඇත.
කාලගුණය
මහනුවර ඉතා සෞම්‍ය කාලගුණයක් පවති. මෙ නිසා බොහෝ සංචාරකයින් මෙහි පැමිණිමට කැමති ය
ආර්ථිකය
ආර්ථික වශයෙන් මහනුවර දෙවැනි වන්නේ කොළඹ නගරයට පමණි. ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රමුඛ ව්‍යාපාරික ආයතනයන්හි ශාඛා මහනුවර නගරයේ පිහිටා ඇත.
වැදගත් ස්ථාන
[!] ශ්‍රී දළදා මාලිගාව
[!] බෝගම්බර වැව
[!] පේරාදෙණිය උද්භිද උද්‍යානය[9]
[!] මහනුවර ජනාධිපති මන්දිරය
[!] පේරාදෙණිය විශ්වවිද්‍යාලය
[!] අස්ගිරිය අන්තර්ජාතික ටෙස්ට් ක්‍රිකට් පිටිය
[!] රැජිණ හෝටලය
[!] මහනුවර සිටි සෙන්ටර් (මෙය මහනුවර නගරයට අලුතින් ම එකතු වු ස්ථානයකි. මෙහි ගෘහනිර්මාණ ශිල්පය ඉතා සුවිශේෂි එකකි)
No comments:
Post a Comment