
වර්ෂයේ ජූලි හෝ අගෝස්තු මාසයේදී ඇසළ පෙරහර මංගල්,ය සිදුකෙරේ. දෙස්විදෙස් බැතිමතුන්ගේ හා සංචාරකයින්ගේ නෙත්සිත් පිනවන මෙම පෙරහර මංගල්ලය ලෝපුරා පරෙය කටය. පිළිවෙලින් නාථ විෂ්ණු කතරගම පත්තිනි යන සතර දේවාලයන්හි පෙරහර ද ශරීල දළදා පෙරහරට සම්බන්ධ වේ. ජූලි හෝ නිකිණි මාසයන්හීදී සිදු කෙරෙන දේවාලයන්හි කප් සිටුවීම හා දේවාල අභ්යසන්තර පෙරහර පහක් ද කුඹල් පෙරහර පහක් ද රන්දෝලි පෙරහර පහක් ද මධ්ය ම රාතරිදේවයේ ගෙඩිගේ විහාරයට පෙරහර කර`ඩුව වඩමවන පෙරහරක් ද දහවල් පෙරහරක් ද ඇතුළත් ඇසළ පෙරහර මංගල්ලය වීදි සංචාර කොට පූජා පවත්වයි. ඇසළ පෙරහර ලොව විචිතරපෙ පෙරහර මංගල්ලයකි.
කුඹල් පෙරහැරපස් වන දවස අවසානයේ එළඹෙන්නේ කුඹල් පෙරහැරයි. මෙහිදී කාරිය කරවන රාළ මාළිඟාව තුළ තිබෙන මුරායුධ, පලිහ, සේසත්, රිදී, උඩැක්කි, පන්තේරැ, රීදී අත්පන්දමි, වඩන තල අතු, ආදිය පිරිසිදු කොට ඒවාත් කුඹල් පෙරහැර වීදි සංචාරය කරවයි. මෙම පෙරහැර දේවාල පෙරහැරට වඩා අලංකාර වේ. මෙයට ගම් දහයේ විදානෙලා, බෙරවාදකයින්, සහ නැට්ටුවන්ද සහභාගී වේ. මෙම පෙරහැරට ධාතු කරඩුව වඩම්මන අතර අලි ඇතුන්ද සහභාගී කරවති. පළමු දින පහ තුළ දේවාලය වටා ගමන් ගත් දේවාල පෙරහැර හතර ඊ ළග දිනයේ මාළිඟාවේ පෙරහැරට එක් වී මෙසේ වීදි සංචාරය කිරීම කුඹල් පෙරහැරේ ලක්ෂණයයි.

රන්දෝලි පෙරහැර
රන්දෝලි පෙරහැර සදහා මාළිඟාවේ ප්‍රධාන දොරටුව අබියසදී කරඩුව ගෙන යන ඇතා සරසනු ලබයි. නිලමේලාද තම තමන්ට නියමිත දේවාලය හා මාළිඟය තුළ සූදානමි වෙයි.
පළමු වෙඩි හඩත් සමග සිව් මහා දේවාල පෙරහැර මාළිඟාව අසළට ගමන් කිරීම අරඹත්ම දළදා මාළිඟායේ හේවිසි මණ්ඩපයට එකතු වන පනික්කයෝ දිය වඩන නිළමේ කැදවා ගෙන එන්නට ඔහු සිටින කුටියට ගොස් වැද නමස්කාර කොට ඔහු කැඳවාගෙන ආ යුතු වේ. එවිට තූර්ය නාද පැවැත්වෙන අතර දළදා කරඬුව ඇතු පිට තබනු ලැබේ.

මෙයට හේවිසි මණ්ඩපයේ සිටම පාවඩ එළනු ලැබේ. හදුන්කුඩම ළගදි කත්තියන රාළගෙන් වතුර කෙණ්ඩියක් ගෙන පිරිසිදු වු බව දැනගන්නා දියවඩන නිළමේ නියමිත නැකතට අනුව කරඬුව පාවඩ පිට වඩම්මවනු ලැබේ. ඒ අතර ඔහු දෙපස අත්පන්දම් හා වඩ තලඅතු අල්ලන අය තම තමන්තමන්ගේ රාජකාරී කරමින් ගමන් කරනු දැකිය හැකිය. අවසාන වෙඩි මුරයත් සමග පෙරහැර ගමන් අරඹන අතර ප්‍රධාන දොරටුව ඉදිරියේදී දියවඩන නිළමේට සමන්පිච්ච මල් මාලාවක් පළඳවයි.
පෙරහැරේ ගමන් කරන පුද්ගලයින් හා ඒ ඒ අයගේ කාර්යය සංසිද්ධි.
කසකරුවෝ
ගිනි බෝල කරුවෝ සහ බෞද්ධ කොඩි ගෙන යන්නෝ
කොඩි ගෙන යන්නෝ
පෙරමුණේ රාළ (ඇතකු පිට නැගී ලේකම් මිටිය සහිතව)
හේවිසි වාදකයෝ (දවුල්, හොරණෑ, තම්මැට්ටම්, තාලම්පට,හක්ගෙඩිය අත ඇතිව )
ගජනායක නිළමේ (ඇතකු පිට රිදී කරඩුවක් සහිතව)
ඇතුන් කිහිප දෙනෙක්, නැට්ටුවෝ සහ බෙරකරුව
කාරිය කෝරාළ
නැට්ටුවෝ හා බෙරවාදකයෝ
කවිකාර මඩුවේ ශිල්පීහු (දළදා ගුණ ගයමින් ගමන් කරති)
දළදා කරඩුව රැගත් ඇතා (පාවඩ මතින් යන අතර දෙපස දෑලේ ඇත්තු දෙදෙනෙක් යති.)
වෙස් නැටුම් කණ්ඩායමක් හා බෙරවාදකයෝ
දියවඩන නිළමේ
1 comment:
කෝ මේ පෙරහැර පෙළගැස්මේ ඉතුරු කොටහ නැහැනේ :(
Post a Comment