24 January 2012
නව මහනුවර නගරය
පාරිසරික අගයකින් හා ඓතිහාසික වටිනාකමකින් සුසැදි ලොව සුන්දරම හරිත නගරය ලෙසින් මහනුවර නගරය ලෝක සංචාරක පුරවරයක් බවට පත්කිරීමේ ක්‍රියාදාමය වත්මන් රජය විසින් ආරම්භ කොට ඇත.
රාජ්‍යත්වයේ සංකේතය වූ ශ්‍රී දළදා වහන්සේ මහනුවර වැඩසිටීම නිසා බලයට පත්වන සෑම රාජ්‍ය නායකයෙකුම සිය පදවිය ලබා ගැනීමෙන් පසු ප්‍රථම නිල ගමන ලෙස මහනුවරට පැමිණ ශ්‍රී දළදා වහන්සේ වැද පුදා ආශිර්වාද ලබාගැනීම සම්ප්‍රදායක් ලෙස ඉටු කරනු ලබති. එම නිසා බලයේ සිටින රාජ්‍ය පාලකයා හා මහනුවර අතර පවත්නේ නොබිදෙන සම්බන්ධතාවයකි.
ඓතිහාසික හා පාරිසරික සාධක රැසක් දායාද වූ මහනුවරට දෙස් විදෙස් සංචාරකයන්ගෙන් ලැබෙන ආකර්ෂණය කිසිදා නෙවෙනස්ව පවතී. සකල ලෝ වැසි බොදු බැතිමතුන්ගේ ගෞරව පූජෝපහාරයට පාත්‍රවූ ශ්‍රී දළදා වහන්සේගේත්, හෙළයේ මහා සංස්කෘතික මංගල්‍ය වූ මහනුවර ශ්‍රී දළදා පෙරහරත් මේ සංචාරක ආකර්ෂණය තීව්‍ර කරයි.
ලංකාතිලකය, ගඩලාදෙනිය, ඇම්බැක්කේ වැනි ඓතිහාසික සිද්ධස්ථාන මෙන්ම පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය, වික්ටෝරියා, රන්දෙණිගල, කොත්මලේ වැනි සෞන්දර්යාත්මක නැරඹුම් ස්ථාන මහනුවර කේන්ද්‍රකොට පිහිටා තිබීම නිසාම නගරයේ ජනාකීර්ණ බව නොඅඩුව පවතී.
එසේම පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය, අස්ගිරිය ක්‍රීඩාංගනය සහ වික්ටෝරියා ජලාශයට මායිම්ව සුන්දර කඳු වලල්ලකට මැදිව ආසියාවේ ඇති සුන්දරම දිගන ගොල්ෆ් ක්‍රීඩාංගනය වැනි ක්‍රීඩාංගන වල පවත්වන තරග නිසා ද මහනුවර නගරය වැඩිවන සංචාරකයන්ට ගැලපෙන පරිදි සකස්වීම අනිවාර්ය වේ.
හන්තාන කඳු පන්තියෙන් හා උඩවත්ත වන අරණට මායිම්ව පිහිටි මහනුවර නගරයේ දේශගුණය ඕනෑම රටක සංචාරකයෙකුට හිතකර තත්ත්වයක් පැවතීම රජය සැලසුම් කර ඇති හරිත නගර නිර්මාණය සාර්ථක වීමට සොබා දහමෙන් ලද මහගු දායාදයකි. පරම්පරාවෙන් පරම්පරාවට ශ්‍රී ලාංකිකයෝ ඓතිහාසික නගරයට පැමිණ වන්දනා මානවල නිරත වුවද එදා මෙදා තුර මේ සුවිශේෂි නගරයේ වෙනස්කම් හෝ සංවර්ධනයක් දක්නට නොලැබිණි.
මහනුවර - කොළඹ අධිවේගී මාර්ගය
මහනුවර කොළඹ මාර්ගය ශ්‍රී ලංකාවේ අංක 01 මාර්ගයයි. මහනුවර දුම්රිය මාර්ගය මෙන්ම මහාමාර්ගය ද යටත් විජිත යුගයේ නිර්මාණ වේ. කොළඹ සිට අඩු දුරකින් මහනුවරට පැමිණෙන අයෙකු භාවිත කළ යුත්තේ මෙම මාර්ග දෙක පමණි. නිදහස ලබා වසර 60 ක් ශ්‍රී ලාංකිකයෝ මේ මාර්ගය භාවිතා කළද එහෙත් අංක 01 පාර පහල කඩුගන්නාවේ සිට කඩුගන්නාව දක්වා කොටස එදා භාවිතා කළ පටු මාර්ගයම තවමත් අපි පරිහරණයේ යෙදෙමු. සුළු සුළු වෙනස්කම් කාපට් ඇතිරීම් සිදු කළද වැඩිවන වාහන තදබදයට ගැලපෙන පරිදි මෙම මාර්ගය පුළුල්වීමක් සිදුවූයේ නැත. ඊට විකල්පයක් ලෙස කොළඹ නුවර මංතීරු 04 කින් යුත් අධිවේගී මාර්ගයක් ඉදිකිරීම සඳහා කටයුතු පිලියෙළ කොට ඇත. කොන්ක්‍රීට් කුළුණු මත ඉදිවෙන ශ්‍රී ලංකාවේ ප්‍රථම අධිවේගී මාර්ගය වන මෙය කඩවත සිට අඹේපුස්ස දක්වා එක් පසෙකින්ද මහනුවර සිට අඹේපුස්ස දක්වා අනෙක් පසෙන්ද ඉදිකිරීම් ආරම්භ කිරීමට නියමිතය.
කුණ්ඩසාලය පරිපාලන නගරය
මහනුවර හරිත නගරයක් ලෙසින් ලෝක සංචාරක පුරවරයක් ලෙස ඉදිවන විට මධ්‍යම කඳුකරයේ ප්‍රධාන පරිපාලන නගරය කුණ්ඩසාලයේ ඉදිකිරීමට ඇවැසි මූලික කටයුතු දැන් සම්පූර්ණ කරමින් සිටී. මහජන අවශ්‍යතාවයන් සඳහා වූ පරිපාලන කටයුතු සියල්ල කුණ්ඩසාලයේ නව නගරය තුළින් සම්පූර්ණ කරගැනීමට හැකිවන පරිදි ඉදිකිරීම් කටයුතු ආරම්භ කර ඇත.
දැනට පල්ලෙකැලේ ක්‍රියාත්මක කර්මාන්ත පුරයත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයත් නිසා මෙම ප්‍රදේශ සීඝ්‍ර දියුණුවක් අත්පත් කරගෙන සිටී. එසේම නව සිර කඳවුර මධ්‍යම පළාත් සහා කාර්යාල ඒකකය දැනට වැඩ නිමවෙන මහා පරිමාණ ඉදිකිරීම් ය. මහවැලි ගඟෙන් හා හුළු ගංගාවේ පහස ලබන හුන්නස්ගිරි කඳු පන්තියෙන් වටවුණු කුණ්ඩසාලය ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩාංගන හා ගුවන් තොටුපල සහ ඕනෑම මට්ටමේ මහා පරිමාණ ව්‍යාපෘතින්ට සුදුසු පාරිසරික තත්ත්වයන්ගෙන් අනූන භූමි භාගයකි.
හරිත නගර සැලසුම
ඓතිහාසික වටිනාකම හා පුරාවිද්‍යාත්මක සාධකයන්ට කිසිදු හානියක් නොවන පරිදි මහනුවර නගරය සංවර්ධනය කිරීම විශේෂිත වේ. ඓතිහාසික නගරයකට පිවිසෙන ද්වාරයක් මෙන් ඉපැරණි ශ්‍රී විභූතිය දැක්වෙන පරිදි නව හරිත නගරයට පිවිසෙන නගර පිවිසුම ඊරියගමදී ඉදි කෙරෙනු ඇත. උමං මාර්ග, ප්‍රවේශ මාර්ග, සංචාරක නිකේතන වැඩි දියුණු කිරීම මෙන්ම බෝගම්බර සිර කඳවුර පල්ලෙකැලේ ස්ථාපිත කිරීමට ද කටයුතු යොදා ඇත. එහි ඉදිකිරීම් නිමවීමට ආසන්නව පවතී.
සාම්ප්‍රදායික කර්මාන්ත
ප්‍රදේශයේ සාම්ප්‍රදායික හස්ත කර්මාන්ත විදෙස් වෙළද පොළට හඳුන්වා දීමට කුණ්ඩසාලයේ කලාපුරය මහඟු මෙහෙවරක් ඉටු කරනු ලබයි. හණ ආශි‍්‍රත කර්මාන්ත මෙන්ම පිත්තල ආශි‍්‍රත නිර්මාණ කටයුතු ද විශේෂයෙන් උඩරටට ගැලපෙන සම්ප්‍රදායන්ට අනුකූලව නිපදවනු ලබයි. රට අභ්‍යන්තරය නගර නිර්මාණය තුළින් රජයේ ඉලක්කය ආසියාවේ ආශ්චර්ය කරා ශ්‍රී ලංකාව ගෙන යාමේ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා ප්‍රමුඛ සියලු රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විශේෂ වැඩ පිළිවෙළ රැසක් ක්‍රියාවට නංවා ඇත.
පල්ලේකැලේ නව ගුවන් තොටුපළ
කුණ්ඩසාල පරිපාලන නගර සීමාව තුළ ඉදිවෙන නව අභ්‍යන්තර ගුවන් තොටුපළ නිසා මහනුවර නගරයට සංචාරක පැමිණීමත් පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයට ප්‍රේක්ෂක පැමිණීම වැඩිවීමටත් හේතු වනු ඇත. මෙම ප්‍රදේශයේ පවතින යහපත් භූ විෂමතා ලක්ෂණ නිසාත් අවම ජනාකීර්ණභාවයත් ගුවන් තොටුපළකට උචිත පරිසරයක් නිර්මාණය කරදී ඇත. ජේ.ආර්.ජයවර්ධන පාලන සමයේ මහනුවරට ජාත්‍යන්තර ගුවන් තොටුපළක් නිර්මාණය කිරීමේ යෝජනාවක් පැවතියද එය වැළකී ගියේ ඉඩම් අත්පත් කර ගැනීමේ ගැටලුවක් නිසාය. මෙවර පල්ලෙකැලේ ඉදිවන නව ගුවන් තොටුපලට ඉඩම් අත්පත් කර ගැනීමේ ගැටලුවක් නොමැති බැවින් එය කඩිනමින් ඉදිකෙරෙනු ඇත. දැනට පොල්ගොල්ලට පැමිණෙන සී ප්ලේන් ව්‍යාපෘතිය සැලකිය යුතු වර්ධනයක් පෙන්වීම තුළින් කියාපාන්නේ පල්ලෙකැලේ ගුවන් තොටුපළ වැඩි සංචාරක ආකර්ෂණයක් දිනා ගන්නා බවය.
23 January 2012
මහනුවර නගරය (ලෝක උරුම නගරය)
නමේ මුලාරම්බය
ඓතිහාසික ලේඛනයන්ට අනුව මහනුවර මුල්වරට ගොඩ නගා ඇත්තේ වික්‍රමබාහු රජු විසිනි (1357–1374). ඔහු මෙය වර්තමාන නගරයට උතුරින් පිහිටි වටපුළුව ප්‍රදේශයේ ගොඩනගා එයට 'සෙංකඩගලපුර' යන නම දී ඇත. සෙංකඩගලපුර නම ලැබීමට නිශ්චිත හේතුවක් දැනට සොයා ගෙන නැති අතර, ඉතිහාසඥයන් පවසන්නේ නගරය ආසන්නයේ ගුහාවක වැඩ වාසය කළ 'සෙංකන්ඩ' නැමැති තාපසයෙකුගේ නමින් මෙය නම් කරන්නට ඇති බව යි. මෙය රජුගේ 'සෙංකන්ඩ' නමැති බිසවක මුල් කරගෙන හෝ සෙංකඩගල නම් වර්ණිත පාෂාණයක් මුල් කරගෙන නම් කරන්නට ඇති බව අනෙක් මතය යි. [6]. පසුව ලංකාවේ අගනුවර වූ බැවින් වත්මන් නම වන මහනුවර හෙවත් කෙටියෙන් නුවර යන නාමය භාවිතයට පත්ව ඇත. "කැන්ඩි" යන ඉංග්‍රීසි නාමය කන්ද උඩ රට යන සිංහල නාමයෙන් විකාශනය වුවක් බව වඩාත් පිළිගත් මතයය්. පෘතුගීසින් කන්ද උඩරට කෙටියෙන් "කන්ඩියා (Candea)" නමින් හඳුන්වා ඇති අතර පසුව එය "කැන්ඩි (Kandy)" යන වත්මන් නමට පරිවර්තනය වී ඇත.
මහනුවර රාජධානිය
1592 වර්ෂයේ දී මහනුවර ශ්‍රී ලංකාවේ අවසාන ස්වාධීන රාජධානියෙහි අග නගරය බවට පත් විය. 16, 17, 18 යන ශත වර්ෂවල දී ඇති වූ පෘතුගීසි, ලන්දේසි ආක්‍රමණ ද අවසාන ලෙස බ්‍රිතාන්‍යය ආක්‍රමණයන් ද සාර්ථකව මැඩපවත්වන ලදී. මහනුවර 19 වන ශත වර්ෂය තෙක් ස්වාධීන රාජ්‍යයක් ලෙස පැවතිනි. ඉන් පසු බ්‍රිතාන්‍යයන් සමඟ ඇති වූ දෙවන මහනුවර සංග්‍රාමයේ දී බ්‍රිතාන්‍යයන් 1815 පෙබරවාරි මස 15 වන දින නගරය වෙත ළඟාවෙන ලදි. 1815 මාර්තු 2 වන දින 'උඩරට ගිවිසුම' මගින් මහනුවර ඇතුලු සමස්ථ දිවයින ම බ්‍රිතාන්‍යයන්ගේ යටත් විජිතයක් බවට පත් විය.එසේ වීමට හේතුව වුයේ උඩරට රදළ වරුන්ගේ ක්‍රියා කලාපයයි. ඔවුන් එකල රජ කල ශ්‍රී වික්‍රම රාජසිංහ රජු මරා රජ වීමට උස්සහ කලහ. මෙම කත් එදිල්ලේ ප්‍රතිඵලයක් ලෙස උඩරට යටත් විය. [7] ඉන්පසු බ්‍රිතාන්‍යයන්ට විරුද්ධව 1818 දී සහ 1848 කැරලි ක්‍රියාත්මක විය. ඉන් පසු පාලනයේ ප්‍රතිසංස්කරන ගනනාවකට පසු Dominion තත්ත්වය යටතේ 1948 පෙබරවාරි 4 දින මහනුවර ඇතුලු ශ්‍රී ලංකාව නැවතත් ස්වධීන රාජ්‍යයයක් බවට පත් විය
පුරාණේ භාවිතා කළ නාමය
ශ්‍රී සෙංඛණ්ඩ ශෛලාභිධාන ශ්‍රී වර්ධනපුර
මහනුවර වැඩවසමින් රාජ්‍යය විචාළ රජවරු
[!] සේනාසම්මත වික්‍රමභාහු (මහනුවර පලමු වරට පාලන මදයස්තානය වශයෙන් තොරාගත් රජු)
[!] දොන් ෆිලිප් රජ (යමසිංහ බංඩාර කුමරු - කරලියැද්දේ බංඩාර රජගේ ඥාති පුත්) පෘතුගීසි සහාය ඇතුව රජවීම
[!] කොනප්පු බංඩාර රජ(Don João da Austria) දොන් ෆිලිප් රජ මරණයෙන්/ඝාතනයෙන් පෘතුගීසි සහාය නොමැතිව රජවීම
[!] දෝන කැතරිනා රැජින (කරලියැද්දේ බංඩාර රජගේ දියණිය පෘතුගීසි සහාය ඇතුව නාමිකව රජවීම)
[!] I වන විමලධර්මසූරිය රජ: 1591-1604
[!] සෙනරත් රජ (සේනාරත්න): 1604-1635
[!] රාජසිංහ 2: 1629-1687
[!] විමලධර්මසූරිය 2: 1687-1707
[!] ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු: 1707-1739
[!] විජය රාජසිංහ: 1729-1747
[!] කීර්ති ශ්‍රී රාජසිංහ: 1747-1782
[!] රාජාධි රාජසිංහ: 1782-1798
[!] ශ්‍රී වික්‍රම රාජසිංහ: 1798-181
මහනුවර නගරය
මහනුවර නගරය සෙංකඩගල නගරය ලංකාවේ දෙවන විශාලම නගරයයි. වර්තමානයේ ශ්රී දළදා මාලිගාව පිහිටා ඇත්තේ මෙහිය. මෙය කඳුවලින් වටවී ඇති මහනුවර සානුවෙහි පිහිටා ඇත. මහනුවර නගරය ශ්රීග ලංකාවේ නගර අතරින් ඉතාමත් විචිත්රව වූ නගර වලින් එකකි. මෙය මහනුවර, මාතලේ, නුවරඑළිය යන දිස්ත්රිවක්ක වලින් සැදුම් ලත් මධ්ය ම පළාතේ අගනගරයයි. මෙය යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙස නම් කර ඇත.
කාලගුණය
මහනුවර ඉතා සෞම්‍ය කාලගුණයක් පවති. මෙ නිසා බොහෝ සංචාරකයින් මෙහි පැමිණිමට කැමති ය
ආර්ථිකය
ආර්ථික වශයෙන් මහනුවර දෙවැනි වන්නේ කොළඹ නගරයට පමණි. ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රමුඛ ව්‍යාපාරික ආයතනයන්හි ශාඛා මහනුවර නගරයේ පිහිටා ඇත.
වැදගත් ස්ථාන
[!] ශ්‍රී දළදා මාලිගාව
[!] බෝගම්බර වැව
[!] පේරාදෙණිය උද්භිද උද්‍යානය[9]
[!] මහනුවර ජනාධිපති මන්දිරය
[!] පේරාදෙණිය විශ්වවිද්‍යාලය
[!] අස්ගිරිය අන්තර්ජාතික ටෙස්ට් ක්‍රිකට් පිටිය
[!] රැජිණ හෝටලය
[!] මහනුවර සිටි සෙන්ටර් (මෙය මහනුවර නගරයට අලුතින් ම එකතු වු ස්ථානයකි. මෙහි ගෘහනිර්මාණ ශිල්පය ඉතා සුවිශේෂි එකකි)

22 January 2012
මහනුවර සතර මහා දේවාල
ශ්‍රී නාථ,ශ්‍රී විෂ්ණු, ශ්‍රී කතරගම, ශ්‍රී පත්තිනි යන දේවාල තුන ශ්‍රී දළදා මාළිගාව ආසන්නයේ පිහිටා ඇති අතර මහනුවර ශ්‍රී කතරගම දේවාලය කොටුගොඩැල්ල වීදියේ නගරය මධ්‍යයේ පිහිටා ඇත. මෙයින් නාථ හා පත්තිනි දේවාල දෙක දළදා මාළිගා චතුරශ්‍රය තුළ ප්‍රාකාරයකින් වටවී තිබෙනු දැකිය හැකිය. ශ්‍රී දළදා මාළිගාවේ සතර මංගල්ලයන්හිදි මෙම සිව් මහා දේවාලය ද වැදගත් වේ. විශේෂයෙන් 1753 වර්ෂයෙන් පසු කිර්ති ශ්‍රී රාජසිංහ රජු දවස සිට වර්තමානය දක්වා ශ්‍රී දළදා මාලිගාව පෙරටුකොට මෙම දේවාල හතර නාථ විෂ්ණු කතරගම පත්තිනි යන අනු පිළිවෙලට පෙරහැරේ ගමන් කරනු දක්නට ලැබේ.
ශ්‍රී නාථ දේවාලය
ඇසළ පෙරහැර මංගල්ලයේ පෙළගැස්ම අනුව ශ්‍රී දළදා මාළිගාවේ පෙරහැරට පසුපසින් ගමන් කෙරෙන පළමු දේවාල පෙරහැර නාථ දේවාලයේ පෙරහැරයි. නාථ දේවාලය කැපවී ඇත්තේ මතු බුදුවන නාථ දෙවියන් වෙනුවෙනි. ගම්පල රාජධානිය කොට ගත් තුන්වන වික්‍රමබාහු රජු ( ක්‍රි.ව 1360-1375) නව රාජධානියක් පිහිටුවීම සඳහා රාජපුරුෂයන් මගින් ජය භූමියක් සෙවීය. ඒ අනුව සෙංකණ්ඩ නම් බමුණා රාජපුරුෂයන්ගේ ඉල්ලීම අනුව තමා සිටි ලෙන අසලින් ගල්කැට කිපයක් රැගෙන ඉන් එක් ගල් කැටක් අසල තිබු පදුරකට වීසි කළ විට ඉන් සුදු හාවෙකු මතු විය. තවත් ගල් කැටයක් වීසි කළ විට සිවෙලෙකු මතු වු අතර, එම සිවලා විසින් හාවා ලූහුබදිනු ලැබීය. හාවා තමා සැග වීවී සිටි පදුර අසල ගස් බෙනය දක්වා දුව විත් ආපසු හැරී සිවලා පසුපස ලූහු බැන්දේය යන සිද්ධියක්ද, කොටියකු විසින් ලූහුබදිනු ලැබු මුවෙක් මෙම භූමියට පැමිණ ආපසු හැරී කොටියා පසුපස ලූහුබදින ලද සිද්ධියක් ද, යන ආශ්චර්යවත් දේ අනුව මෙය ජයභූමියක් වශයෙන් සෙංඛණ්ඩ නම් බමුණා වෙතින් දැන රජතුමාට දැන්වීමෙන් පසු තුන්වන වික්‍රමබාහු රජතුමා විසින් මෙම ස්ථානයෙහි සෙංකඩගලපුරය හා නාථ දේවාලය ගොඩ නැන්වු බව කියවේ. බමුණාගේ නමින් එම නගරය සෙංකඩගලපුරය නම් වී ඇතැයි පුරා වෘත්තයන්ගෙන් කියැවේ. එසේම චුලබෝධි වංශයට අනුව දෙවන පෑතිස් රජු දවස නාථ නම් බ්‍රාහ්මණයෙකු විසින් ගෙන එන ලද දෙතිස් පලරු බෝධින් වහන්සේ රෝපණය කළ තැන එම බමුණා නමින් නාථ නම් වී යැයි පැවසෙන මතයක් ද පවති.
මෙම දේවාල ගොඩනැගිල්ල සෙංකඩගලපුර ඇති පැරණිම ගොඩ නැගිල්ලකි. ශ්‍රී දළදා මාළිගාවටත් පෙරාතුව මෙම ගොඩනැගිල්ල ඉදිකළ බව කියවේ. මහනුවර රජවරු ඔටුනු පැළදවීම. කඩු කරලීම සිදුකළේ ද රජුට නමක් තැබීමේදි පුස්කොළ වල ලියන ලද නම් කිපයක් නාථ දෙවියන් ඉදිරියේ තබා නමක් තෝරාගැනිම සිදුකළේ ද නාථ දෙවියන් ඉදිරියේය. කප් සිටුවීමේදි කපෙහි මුල් කොටස බෙදාදෙනුයේ ද, දිය කැපුම් මංගල්ලයේදි පළමුව ගැටඹේ තොටට බැසීමට හැක්කේ ද නාථ දේවාලයටයි. නාථ දෙවියන්ගේ වර්ණය කහ වශයෙන් ද හංසයා රථය වශයෙන් ද යොදා ගැනේ.
ශ්‍රී විෂ්ණු දේවාලය
ඇසල පෙරහැරෙහි ගමන් ගන්නා දේවාල පෙරහැර අතර දෙවනුවට ගමන් කරනුයේ විෂ්ණු දේවාලයේ පෙරහැරයි. ගුරුළු වාහනාරුඩව දස අවතාරයෙන් පෙනිසිටිමින් සියලූ ලෝ සතුනට සෙත් ශාන්තිය සලසන මතු බුදු බව පතන, බුද්ධ ශාසන භාරධාරිව ආරක්ෂාව සලසන විෂ්ණු දෙවියන් වෙනු වෙන් මෙම දේවාලය කැප කොට ඇත. මෙම දෙවියන් වෙනුවෙන් කැපවු ප්‍රධාන දේවාල කිපයක්ම දිවයිනේ පිහිටා තිබේ.
කොලොන්තොට සිට මහනුවරට විහිදී ඇති ප්‍රධාන මාර්ගයෙහි පිහිටා තිබෙන අලූත් නුවර දේවාලය විෂ්ණු දෙවියන් උදෙසා කැපවුනු එවැනි පැරණිතම දේවාලයකි. පැරණියේදි මහනුවර ඇසල මහා පෙරහැරට පෙරින් පෙරහැර පැවැත්වෙන අලූත් නුවර දේවාලයේ සිට කප පේකොට සිව් මහා දේවාලයන්ට කප් සිටුවීම සඳහා භාරදුන් බව කියවේ.
මහනුවර රාජධානියෙහි විෂ්ණු දේවාලය ගොඩනැගිමෙන් අනතුරුව මහ දේවාලය වශයෙන් එය හැදින්වීමට පටන් ගති. රජවරුන් අභිශේෂකයෙන් පසු නළල් පටය බදිනු ලැබීමේ චාරිතරෙන්ය ඉටුකරනු ලැබුයේ මෙම දේවාලයේ සිට බව කියවේ. ඇසළ මහා පෙරහැරේ කප් සිටුවීමට කප බෙදා දෙන දේවාලය වශයෙනුත් පෙරහැරින් පසු සිදුවන වලියක් නැටුම පැවැත්වෙන දේවාලය වශයෙනුත් මෙම දේවාලය සුවිශේෂ ස්ථානයක් ගනි.
ශ්‍රී පත්තිනි දේවාලය
ශ්‍රී දළදා මාලිගා චතුරස්‍රයේ පිහිටුවා ඇති පැරණි ගොඩනැගිලි වලින් එක් ගොඩනැගිල්ලක් වශයෙන් පත්තිනි දේවාලය ද සැලකේ. පති භක්තිය රැකි උත්තම කාන්තාවක් ලෙස පුජෝපහාරයට පත්වන පත්තිනි දේව මැණියන් සත් වාරයක් ඉපදී ඇතැයි, ජනපරාන්වාදයන්හි දැක්වේ. වරෙක ජලයෙන් ද, තවත් වරෙක මලෙන් ද, තවත් වරෙක නයි කඳුලෙන් ද, තවත් විටෙක කදුරු පොත්තෙන් ද, තවත් විටෙක පිණි බිදුවෙන් ද, තවත් වරෙක හෙණෙන් ද, අවසානයෙහි අඹෙන් ද, උපන් බව පත්තිනියාදින්නෙහි සඳහන් වේ.
විශේෂයෙන් පත්තිනි ඇදහිල්ල තුළින් කුඩා දරුවන්ට හා කාන්තාවන්ට සෙත් සැලසෙන බව විශ්වාස කෙරෙන අතර, සැගවුණු ලෙඩ රෝග, කුෂ්ට රෝග, සුවපත් කරගැනිමට හා දරුවන් නොමැති අයට දරුවන් ලබාගැනිමට භාර හාර වන, උත්තම දේවතාවියක් ලෙස පත්තිනි දේව මැණියෝ අදහති.
පත්තිනි දේවාලයේ පෙරහර ඇසළ පෙරහරේ අවසානයට ගමන් ගන්නා දේවාල පෙරහැරයි. මෙම දේවාල පෙරහැරේ වැඩමවන ඇතා පිට බැඳි රන්සිවිගෙය තුළ තැම්පත් කර තිබෙනුයේ පත්තිනි දේව මැණියන්ගේ රනින් නිමවු කුඩා ප්‍රතිමා වහන්සේ නමකි.
ශ්‍රී කතරගම දේවාලය
14 වන සියවසරේදි පමණ ආරම්භ වූ බව සැලකෙන මහනුවර කතරගම දේවාලය 16 වන සියවසරේදි වඩාත් ජනප්‍රිය විය. මෙම දේවාලය ස්කන්ධකුමාර හෙවත් කතරගම දෙවි නමින් කැපවී ඇත. කැති නැකතින් උපන් කතරගම දෙවියන් උදෙසා කෙරුණු ප්‍රධාන දේවාලය රුහුණේ කතරගම පිහිටා ඇත්තේය. මුහුණු සයකින් හා අත් දොළොසකින් රක්න වර්ණයෙන් මයුරාපිට වැඩ සිටින කතරගම දෙවියන් උදෙසා කෙරෙන නර්තනයන් අතර කාවඩි නැටුම සුවිශේෂි තැනක් ගනි.

පෙරහර මංගල්ලය
වර්ෂයේ ජූලි හෝ අගෝස්තු මාසයේදී ඇසළ පෙරහර මංගල්,ය සිදුකෙරේ. දෙස්විදෙස් බැතිමතුන්ගේ හා සංචාරකයින්ගේ නෙත්සිත් පිනවන මෙම පෙරහර මංගල්ලය ලෝපුරා පරෙය කටය. පිළිවෙලින් නාථ විෂ්ණු කතරගම පත්තිනි යන සතර දේවාලයන්හි පෙරහර ද ශරීල දළදා පෙරහරට සම්බන්ධ වේ. ජූලි හෝ නිකිණි මාසයන්හීදී සිදු කෙරෙන දේවාලයන්හි කප් සිටුවීම හා දේවාල අභ්යසන්තර පෙරහර පහක් ද කුඹල් පෙරහර පහක් ද රන්දෝලි පෙරහර පහක් ද මධ්ය ම රාතරිදේවයේ ගෙඩිගේ විහාරයට පෙරහර කර`ඩුව වඩමවන පෙරහරක් ද දහවල් පෙරහරක් ද ඇතුළත් ඇසළ පෙරහර මංගල්ලය වීදි සංචාර කොට පූජා පවත්වයි. ඇසළ පෙරහර ලොව විචිතරපෙ පෙරහර මංගල්ලයකි.
වෙසක් දිනයේදී වෙසක් පෙරහැර මංගල්ලය පැවැත්වෙන අතර එදිනම වාහලනාග උපසම්පදා පෙරහැර ද ආරම්භ වේ. උපසම්පදා පෙරහැර පෝය දින පහක් තුළ පැවත්වේ. මල්වතු මහා විහාරයෙන් සාමනේර වරු පස්නමක්ද අස්ගිරි මහා විහාරයෙන් සාමනේර භික්ෂූන් පස්නමක්ද උපසම්පදා පෙරහැර මංගල්,යට සහභාගී කරවා ගනිති. මෙවැනි උපසම්පදා පෙරහර පහක් පමණ පැවැත්වීම සිදුවේ. එදා රජවාසල විසින් පිරිකර පූජා කරන ලදී. අද දියවඩන නිලමේ තුමා විසින් වාහල නාග නම් ඔටුන්න පැළඳවීම (දියවඩන නිලමේතුමා නොමැති අවස්ථා වලදී කාරිය කරවන කෝරාළ විසින් මෙම චාරිතර වාය ඉටුකරනු ලබයි.* හා අට පිරිකර පූජා කිරීම සිදුකෙරේ. එසේම පොසොන් පොහෝ දිනයේදී දර්ශනීය පොසොන් පෙරහර මංගල්ලය වීදි සංචාරය කරනු ලබයි.
කුඹල් පෙරහැර
පස් වන දවස අවසානයේ එළඹෙන්නේ කුඹල් පෙරහැරයි. මෙහිදී කාරිය කරවන රාළ මාළිඟාව තුළ තිබෙන මුරායුධ, පලිහ, සේසත්, රිදී, උඩැක්කි, පන්තේරැ, රීදී අත්පන්දමි, වඩන තල අතු, ආදිය පිරිසිදු කොට ඒවාත් කුඹල් පෙරහැර වීදි සංචාරය කරවයි. මෙම පෙරහැර දේවාල පෙරහැරට වඩා අලංකාර වේ. මෙයට ගම් දහයේ විදානෙලා, බෙරවාදකයින්, සහ නැට්ටුවන්ද සහභාගී වේ. මෙම පෙරහැරට ධාතු කරඩුව වඩම්මන අතර අලි ඇතුන්ද සහභාගී කරවති. පළමු දින පහ තුළ දේවාලය වටා ගමන් ගත් දේවාල පෙරහැර හතර ඊ ළග දිනයේ මාළිඟාවේ පෙරහැරට එක් වී මෙසේ වීදි සංචාරය කිරීම කුඹල් පෙරහැරේ ලක්ෂණයයි.
රන්දෝලි පෙරහැර
රන්දෝලි පෙරහැර සදහා මාළිඟාවේ ප්‍රධාන දොරටුව අබියසදී කරඩුව ගෙන යන ඇතා සරසනු ලබයි. නිලමේලාද තම තමන්ට නියමිත දේවාලය හා මාළිඟය තුළ සූදානමි වෙයි.
පළමු වෙඩි හඩත් සමග සිව් මහා දේවාල පෙරහැර මාළිඟාව අසළට ගමන් කිරීම අරඹත්ම දළදා මාළිඟායේ හේවිසි මණ්ඩපයට එකතු වන පනික්කයෝ දිය වඩන නිළමේ කැදවා ගෙන එන්නට ඔහු සිටින කුටියට ගොස් වැද නමස්කාර කොට ඔහු කැඳවාගෙන ආ යුතු වේ. එවිට තූර්ය නාද පැවැත්වෙන අතර දළදා කරඬුව ඇතු පිට තබනු ලැබේ.
මෙයට හේවිසි මණ්ඩපයේ සිටම පාවඩ එළනු ලැබේ. හදුන්කුඩම ළගදි කත්තියන රාළගෙන් වතුර කෙණ්ඩියක් ගෙන පිරිසිදු වු බව දැනගන්නා දියවඩන නිළමේ නියමිත නැකතට අනුව කරඬුව පාවඩ පිට වඩම්මවනු ලැබේ. ඒ අතර ඔහු දෙපස අත්පන්දම් හා වඩ තලඅතු අල්ලන අය තම තමන්තමන්ගේ රාජකාරී කරමින් ගමන් කරනු දැකිය හැකිය. අවසාන වෙඩි මුරයත් සමග පෙරහැර ගමන් අරඹන අතර ප්‍රධාන දොරටුව ඉදිරියේදී දියවඩන නිළමේට සමන්පිච්ච මල් මාලාවක් පළඳවයි.
පෙරහැරේ ගමන් කරන පුද්ගලයින් හා ඒ ඒ අයගේ කාර්යය සංසිද්ධි.
කසකරුවෝ
ගිනි බෝල කරුවෝ සහ බෞද්ධ කොඩි ගෙන යන්නෝ
කොඩි ගෙන යන්නෝ
පෙරමුණේ රාළ (ඇතකු පිට නැගී ලේකම් මිටිය සහිතව)
හේවිසි වාදකයෝ (දවුල්, හොරණෑ, තම්මැට්ටම්, තාලම්පට,හක්ගෙඩිය අත ඇතිව )
ගජනායක නිළමේ (ඇතකු පිට රිදී කරඩුවක් සහිතව)
ඇතුන් කිහිප දෙනෙක්, නැට්ටුවෝ සහ බෙරකරුව
කාරිය කෝරාළ
නැට්ටුවෝ හා බෙරවාදකයෝ
කවිකාර මඩුවේ ශිල්පීහු (දළදා ගුණ ගයමින් ගමන් කරති)
දළදා කරඩුව රැගත් ඇතා (පාවඩ මතින් යන අතර දෙපස දෑලේ ඇත්තු දෙදෙනෙක් යති.)
වෙස් නැටුම් කණ්ඩායමක් හා බෙරවාදකයෝ
දියවඩන නිළමේ
පැරණි මහනුවර නගරය
සිංහලයේ අවසන් අග නගරය වු ලක්දිව කන්ද උඩරට මහනුවර හන්තාන, බහිරවකන්ද වැනි කඳු පාමුල පිහිටි ස්වභාව සෞන්දර්යයේ කදිම නිර්මාණයකි. ඉපැරණි රජ මාලිගා සංකීර්ණය ආසන්නයේ ඇති උඩවත්ත කැලේ සුන්දර වන පියසෙකි. පේරාදෙණිය පාලම පසු කළ විට නෙත ගැටෙන පේරාදෙණිය උද්භිද උද්යා්නය මනහර සුවඳ මලින් නන් විසිතුරු තුරු වදුලින් ගහණය. එය දෙස් විදෙස් නරඹන්න්ගේ නෙත් සිත් පිනවන මනෝඥ වු මල් උයනකි. නගරය වට කොට ගලා බසින මහවැලි නදිය හා නගරය මධ්ය්යේහි ඇති කිරි සයුර නම් වු නුවර වැව නගරයේ ස්වාභාවික විචිතරට ත්වය වඩාත් අසිරිමත් කරවයි.
පැරණියේදී සෙංඛණ්ඩ ශෛලාභිධාන ශීරැුක වර්ධනපුරය වශයෙන් හැඳින්වු මෙම නගරය පසු කලෙක කන්ද උඩරට මහනුවර වශයෙන් පරෙංඛකට විය. මුහුදු මට්ටමින් මීටර් 488.6 ක පමණ උසින් පිහිටියේය. කොළඹ සිට කි.මී. 119 ක් පමණ දුරය. සෞම්යන දේශගුණයෙන් හා රමණීය පරිසරයකින් හෙබි මෙම නගරය කෘෂිකාර්මික ජීවිතයට අවශ්යී ජලයෙන් ද ස්වභාවික රැුකවරණයෙන්ද යුක්තය.
සෙංකඩගලපුරය මුලින්ම ගම්පළ රජ කළ තුන්වෙනි විකරපරයමබාහු (කිර ්ැ.ව.1357-1374* රජු විසින් පිහටවුවායැයි කියැවෙන අතර, එය රාජධානියක් වශයෙන් පරයීතිෂ්ඨාපනය කරනු ලැබුවේ පළමුවෙනි විමලධර්මසුරිය (ක්‍රි.ව. 1592-1604) රජතුමා විසිනි. ශ්‍රි චික්‍රම රාජසිංහ (කිරබ13.ව.1798 - 1815) රාජ සමයෙහි මහනුවර රාජධානියේ අවසානය උදා විය.
මහනුවර නගරයේ පුජනීයත්වය ශීරල්ත විභුතිය හා ඓතිහාසිකත්වය මුළු ලොවටම කියාපාන අතිපුජනීය ශීරදු දංෂ්ටරාෙගල ධාතු මන්දිරය, මල්වතු අස්ගිරි උභය මහා විහාරය, නාථ, විෂ්ණු, කතරගම, පත්තිනි යන සිව්මහා දේවාල, රාජ මාලිගා සංකීර්ණය වැනි ස්මාරක මුල්කොට ලෝක උරුම නගරයක් බවට පත්විය. මහනුවර නගරය අවට ඇති අනෙකුත් ඓතිහාසික ස්මාරක අතර, ලංකාතිලකය, ගඩලාදෙණිය, ගංගාරාමය, සුදුහුම්පොල, දෙගල්දොරුව හා කුණ්ඩසාලේ යන විහාරයන් මුල්තැන් ගනී. උඩරටටම ආවේණික වු වාස්තු විද්‍යාත්මක ලක්ෂණ වලින් අනුන වු ඉපැරණි ගොඩනැගිලි, විසිතුරු කැටයම්, සිතුවම්, නර්තනාදී කලා ශිල්ප මෙම නගරයේ සංස්කෘතික මහාර්ඝත්වය ලොවටම කියා පාන්නේය.

දන්ත ධාතූන් වහන්සේ
ශ්‍රී දළදා මාළිගාවේ ගන්ධ කුටිය බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඩසිටින ගෘහයයි. එහි දක්නට ලැබෙන වෙඩි නොවදින වජ්‍රමය ආවරණය ජපානයේ එහෙජි පන්සලේ පූජ්‍ය රම්පෝ නිවා නායක තෙරුන් වහන්සේ කළ පූජාවකි. මෙම වීදුරු ආවරණය තුළ රිදියෙන් නිමවා රන් ආලේපිතව වටිනා මිණි මුතුයෙන් අලංකෘත වු විශාල කරඬුවක් දිස්වේ. මෙම මහා කරඬුව ඇතුලත තවත් කරඬු හයක් තැන්පත් කර තිබිණ. එහිි ඇති බුරුම කරඬුව නම් වූ දෙවන කරඬුව මෑතක සිට පිටතට ගෙන වම් පසින් තැන්පත් කර තිබෙනු දක්නට හැකිය.
හත් වන කරඬුවේ දළදා වහන්සේ තැන්පත් කර ඇත
21 January 2012
දන්ත ධාතූන් වැඩහිඳිනා භූමිය
ශ්රී දළදා මාළිගාව
ශ්‍රී දළදා මාලිගාව යනු බුදුරජාණන් වහන්සේගේ දන්තධාතූන් වහන්සේ තැන්පත් කර ඇති මාලිගාවයි. මෙය ශ්‍රී ලංකාවේ මහනුවර නගරයේ පිහිටා ඇත. උඩරට රාජ්‍යය සමයේ (1592 සිට 1815) මෙය ඉදිකර ඇත්තේ එවකට රාජකීය මාලිගා සංකීර්ණය තුලමය. අතීතයේ සිටම ජනතාවගේ පිලිගැනීම අනුව දන්ත ධාතූන් වහන්සේගේ භාරකාරීත්වය දරන තැනැත්තා හට රටේ රජකම හිමි විය යුතුය. මේ නිසා අතීතයේ රජවරු සිය දිවි හිමියෙන් දළදා වහන්සේ ආරක්ෂා කළහ.
දළදා වහන්සේ වැඩහිටි මන්දිරය, ධාතුඝරය, දළදාගේ, දළදා මන්දිරය, දළදා මාලිගය ආදී නම් වලින් හැඳින්වූ බව ගෙනේ.
දලදා මාලිගාව පිහිටා ඇති මහනුවර නගරයම යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙස නම් කර ඇත.
මල්වතු හා අස්ගිරි යන දෙපාර්ශවයේ ස්වාමීන් වහන්සේලා දිනපතාම දළදා වහන්සේට පූජා සත්කාර කරති. මෙම පූජාව (තේවාව) දිනකට තුන් වරක් (පාන්දර, දවල් සහ සවස) පවත්වයි. බදාදා දිනවල විශේෂ පූජාවක් ලෙස නානුමුර මංගල්‍යය පවත්වයි. මෙහිදී සුවඳ ගැන්වූ ඖශධීය ජලයෙන් සංකේත වශයෙන් දළදා වහන්සේ ස්නානය කරවනු ලබයි. මෙසේ ස්නානය කරවීමෙන් ලැබෙන ජලයේ රෝග සුව කරීමේ ආනුභාවයක් ඇති බව විශ්වාස කෙරේ.
Subscribe to:
Posts (Atom)