ගැටඹේ පුරාණ තොටුපල සිට පහළ දොඩම්වල සහ හල්ලොලුව අතර සංගිලි පාලම ප්‍රදේශය මහවැලි ගංගාවේ ඉහළ ජෛව විවිධත්වයෙන් හෙබි ප්‍රදේශයක් ලෙස හැඳින්විය හැක. ගංගාව ආශ්‍රිතව ඇති ජලජ පරිසර පද්ධති ගංගාධාර වනාන්තර දූපත් ජෛව විවිධත්වය ඉහළ දැමීමට මහෝපකාරී වන අතරම ඉන් පරිසරයට ලබාදෙන චමත්කාර ජනක සුන්දරත්වය වචනයෙන් පමණක් ප්‍රකාශ කිරීම උගහටය. වරාතැන්න සීමා මාලකය මෙන්ම අවුරුදු 200 පමණ පැරණි ගල් ලිඳ දැනටමත් මේ ආශ්‍රිතව පවතින ඉපැරුණි සාක්‌ෂි ලෙස සැලකිය හැක.
සෞන්දර්යාත්මක අගනා වටපිටාවක් මෙම කිලෝමීටර් දෙකක් පමණ වන භූමි භාගය තුළ පවතී. තවද මහවැලි ගංගාවේ පටුම හා පළල්ම ප්‍රදේශය එක් කිලෝ මීටරයක් තුළ දක්‌නට ලැබෙන ප්‍රදේශය ද මෙයම වේ. මහවැලි ගංගාවේ වම් ඉවුරෙන් ගන්නොරුව වනාන්තරයත් දකුණු ඉවුරෙන් බහිරවකන්ද කඳු වලල්ලෙන් වටව පවතී. හන්තාන හා හුන්නස්‌ගිරිය කඳුවැටි වලින් සමන්විත අවට පරිසරය දෙස් විදෙස් සංචාරකයන්ගේ නොමද පැසසුමට ලක්‌ව ඇත.
වම් ඉවුරේ ඇති ගංගාධාර වනාන්තර සහ ගන්නොරුව වනාන්තරය නිසා සැමවිටම සත්වයෝ තම ජල අවශ්යධතාව සඳහා මහවැලි ගංගාව වෙත පැමිණෙති. අවාසනාවකට ඉදිවී ඇති මහාමාර්ග පද්ධති හරහා පැමිණිමේදී දුර්ලභ සත්ව විශේෂ රථවාහන අනතුරුවලට භාජන වී මියයැම සිදුවේ. ඉතා දුර්ලභ සත්ව කාණ්‌ඩයක් ලෙස සැලකෙන කොල දිවියන් පවා මෙලෙස අනතුරු වලට ලක්‌ව මිය යයි. මෙම සතාගේ නිදර්ශක දැනටත් පේරාදෙණිය විශ්වවිද්‍යාලය සතුව පවතී. මෙම සත්වයා ශ්‍රී ලංකාවෙන් වාර්තාවෙන බිළාල පවුලේ කුඩාම විශේෂය වන අතර ලොවෙන් හමුවෙන කුඩාම විශේෂය ද බව පොත්පත් වල සඳහන් වේ. 2007 ශ්රීව ලංකා රතු දත්ත පොතට අනුව අන්තරායක තත්වයට ලක් වූ විශේෂයක් ලෙසට ද හඳුන්වා දී ඇත. මේ වන විටත් ගංගාව ආශ්‍රිතව සපුෂ්ප ශාක විශේෂ සහ ආවේණික ශාක විශේෂ හඳුනාගෙන ඇත. පේරාදෙණිය විශ්වවිද්යාවලයේ උද්භිද විද්‍යා අංශයේ මහාචාර්ය දීප්ති යකන්දාවලට අනුව ගංගාව තුළ ශ්‍රී ලංකාවට ආවේණික ඉතා දුර්ලභ Cryptop Porine (අති උඩයන්) ඝනයේ ශාක විශේෂ 2 ක් (මෙම විශේෂ ශ්රීස ලංකාවට ආවේණික වන අතරම මෙම ඝනය දැඩි ලෙස අන්තරායක තත්වයට ලක් වූවකි. C.undulata දැඩි ලෙස අන්තරායක තත්වයට ලක් වී ඇති අතර becketii අන්තරායක තත්වයට ලක් වූ විශේෂයකි. ගංගාවේ ඉවුරු ආශ්රිඇතව එම විශේෂ හමුවේ. Podos Tmaceae ඝනයේ ශාක විශේෂ 6 ක් ද මෙම ප්‍රදේශය ආශ්‍රිතව හමුවේ ඉන් විශේෂ දෙකක් ආවේණිකය. සපුෂ්ප ශාක විsශේෂ අතර වල්දෙල් හා ඇටඹ මෙරටට ආවේණිකය..
සත්ව විශේෂ සැලකීමේදී ක්‌ෂිරපායි විශේෂ 23 ක් දක්‌නට ලැබෙන අතර ඉන් විශේෂ දෙකක් ශ්‍රී ලංකාවට ආවේණික විශේෂ ලෙස සැලකේ. මේ අතර තර්ජනයට ලක්‌වූ විශේෂ ද සිටී. දිය බල්ලා, අදුන් දිවියා, ශ්‍රී ලංකා රිලවා, හම්බාවා මේ අතර සුවිශේෂය. දිය බල්ලන් ගංගාව තුළ දූපත්වල කූඩු තනාගනී. පක්‌ෂි විශේෂ 77 ක් හමුවන අතර මින් විශේෂ 5 ශ්රීර ලංකාවට ආවේණික විශේෂ ලෙස සැලකේ. ශ්‍රී ලංකා රන් නළල් කොට්‌ටෝරුවා, ගිරා මලිත්තා, අලු කෑදැත්තා, මුදුන් බොර දෙමලිච්චා ප්රකමුඛව හමුවේ. උරග විශේෂ ලෙස මුදු කරවලා, සර්ප හීරලුවා, දිය නයා, දිය බරියා ආදි විශේෂ හමුවන අතර ඉන් විශේෂ 17 ශ්‍රී ලංකාවට ආවේණික විශේෂ ලෙස සැලකේ. හමුවන මුළු විශේෂ සංඛ්‍යාව 44කි. උභය ජීවී විශේෂ 17 හමුවන අතර ඉන් විශේෂ 12 ශ්‍රී ලංකාවට ආවේණික විශේෂ වේ. කහ හිරි දණ්‌ඩන් විශේෂයෙන් හමුවනුයේ ගංගාවේ ඉවුරු අසබඩ වීම විශේෂිතය. මත්ස්‍යයන් අතරින් විශේෂ 18 පමණ හමුවන අතර ඉන් විශේෂ 2 ශ්‍රී ලංකාවට ආවේණික විශේෂ ලෙස සැලකේ. එමෙන්ම ශ්රීහ ලංකාවට හඳුන්වා දුන් මත්ස්යඩ විශේෂ ද පවතී. ආවේණික මත්ස්යි විශේෂ අතුරින් ශ්‍රි ලංකා ගඩයා නොහොත් කොළ ගඩයා වාර්තාවෙන එකම වාසස්‌ථානය මෙම කුඩා ප්‍රදේශය වීම ද සුවිශේෂි කරුණකි. ශ්‍රී ලංකා කොළ ගඩයා ඉංග්‍රීසි බසින් Green Labceo ලෙස හඳුන්වයි.
2007 ශ්‍රී ලංකා රතු දත්ත පොතට අනුව දැඩි ලෙස අන්තරායක තත්වයට ලක් වූ විශේෂයකි. ලෝක රතු දත්ත පොතට අනුව අන්තරායක තත්වයට ලක් වූ විශේෂයක් ලෙසට 2011 දී හඳුන්වා දී ඇත. මෙතෙක් පලවූ ලිඛිත වාර්තා වලට අනුව තව දුරටත් මෙම විශේෂය සමහරවිට වඳවී ගිය විශේෂයක් ලෙසටද හඳුන්වා දී ඇත. මහවැලි නදියේ අධික ලෙස වේගයෙන් ජලය ගලා යන ගල් තලා සහිත ප්රතදේශවල පත්ලේ මෙම මත්ස්‍යයන් ජීවත් වේ. මහනුවර මැද ඇළ නිසා දූෂණයට ලක්‌වන ජලය රසායනිකව හා භෞතිකව ඔක්‌සිජන් හා එක් වී වෙනස් කම් වලට භාජනන වීම සිදු වන්නේද වේගයෙන් ජලය ගලා බස්‌නා මෙම ප්‍රදේශය ආශ්‍රිතව පමණි. ඒ අනුව බලන විට මහවැලි ගඟේ සංයුතිය පාලනය කරන මෙම ප්‍රදේශය නිසා ජෛව විවිධත්වයට ගෙන දෙන දායකත්වය මිල කළ නොහැක.
වාර්තාවන අපෘෂ්ඨ වංශී සත්ව කාණ්‌ඩ අතරින් මුළු සමනලයන් සංඛ්යාවව 42 වන අතර ඉන් එක් විශේෂයක් ශ්‍රී ලංකාවට ආවේණික වේ. භෞමික ගොලුබෙල්ලන් 17 වාර්තා වන අතර ඉන් විශේෂ 12 ශ්‍රී ලංකාවට ආවේණික විශේෂ වීම තවත් සුවිශේෂීතාවකි.
No comments:
Post a Comment